Showing posts with label සදැස්. Show all posts
Showing posts with label සදැස්. Show all posts

Sunday, April 9, 2017

ප්‍රේමයක අනන්තය

මල්සරා හී විද්ද හරි හැඩට                  සරසලා
කෝළකම් දෙනෙත් තුළ සීරුවට       ඉගිකළා
ආලකම් මායිමෙන් එහා‍ ගොස්          උනිමුලා
හංස ළැම රිදුම් දෙයි රුහිරු දිය        කිරිවෙලා

තුරුණු සිතුවිළි ඉගිල හැරෙන්නට බැරි     දුරක
ප්‍රේමයක් ගැබ්බරයි නියතයක් නැති     කලෙක
පිපෙන්නත් පෙරාතුව පෙති ගිලිහි ගිය    මලක
ඉකිබිදුම් අසන්නට හැගුම් ඇති වෙද       සිතක

නිතර ගත වෙහෙස දෙන ඔක්කාරෙ     කලන්තය
විශ්මිතව නිම උනා හදවතක                 වසන්තය
කුළුදුල්ම පෙම් ගීය පසුකලා                  දිගන්තය
නුඹ නැසූ දින දුටිමි ප්‍රේමයක                අනන්තය