මල්සරා හී විද්ද හරි හැඩට සරසලා
කෝළකම් දෙනෙත් තුළ සීරුවට ඉගිකළා
ආලකම් මායිමෙන් එහා ගොස් උනිමුලා
හංස ළැම රිදුම් දෙයි රුහිරු දිය කිරිවෙලා
තුරුණු සිතුවිළි ඉගිල හැරෙන්නට බැරි දුරක
ප්‍රේමයක් ගැබ්බරයි නියතයක් නැති කලෙක
පිපෙන්නත් පෙරාතුව පෙති ගිලිහි ගිය මලක
ඉකිබිදුම් අසන්නට හැගුම් ඇති වෙද සිතක
නිතර ගත වෙහෙස දෙන ඔක්කාරෙ කලන්තය
විශ්මිතව නිම උනා හදවතක වසන්තය
කුළුදුල්ම පෙම් ගීය පසුකලා දිගන්තය
නුඹ නැසූ දින දුටිමි ප්‍රේමයක අනන්තය
වැව් ඉස්මත්තගේ හෝඩුවාවකින් මේ පැත්තට ආවේ. සඳ දිය දෝතක මුල්ම කවියට සුභ පැතුම්.
ReplyDeleteනිර්මාණය ලස්සනයි. ආ.... තවත් කවි කාරියක් නිසාම සතුටුයි.
ජයවේවා!!!
බොහොම ස්තූතියි මල්ලි
Deleteඑකක් ලියලා උඩබලාන ඉන්නේ මොකෝ
ReplyDeleteබොහොම ස්තූතියි අටම්පහුර..අදම එකක් දාන්නම්කො
Delete